වර්ෂාව ඉවරයක් නොවෙමින් තවමත් ඇද වැටේ..මට ඇගේ තුරුලට වී එක කුඩයකට ගුලි වී මේ මහා වර්ෂාවේ පාළු පාරක තනිවන්නට ඇත්නම්......
ඇගේ ඇසිපිය සෙමින් වැසෙන විට ඇගේ අහිංසක සිනහව දකින විට කොහොමද මම තවත් කෙනෙකුට ආදරේ කරන්නේ.මහා වර්ෂාවේ පිණි බිංදු ඇඟේ ස්පර්ශ වීමට බියෙන් හදවතේ උණුසුම සොයා තව තවත් ළං වන විට,ඇගේ හදේ රිද්මය මගේ හදවතට දැනෙන විට,ඇගේ උණුසුම මගේ හදෙහි ඉඩ සොයන විට තවත් ගුලිවන්නට ආශාව දැනේ.ඇගේ කොන්ඩය වැහි බිදු හමුවේ ප්‍රාණවත් වන විට යළි යළිත් ඇඟේ ලස්සන දෙගුණ තෙගුණ වී යයි.අතට අතැඟිළි බැඳ සීතළ මැකීමට දෑගිළි පටලන විට දැනෙන හැඟීම......
ගැහැණු යනු ලලිතා වන් එනම් ලාලිත්ය්‍ය පිළිඹිබු කරන්නන්ය.කෙතරම් දැඩි මිනිසකුගේ වුවද ආදරය හමුවේ දැඩි බව බිදී යයි.ආදරය හදවතට නොදැනුන කෙනෙක් සෙවිය නොහැකි තරම්ය.සෑම කෙනෙක්ම වාගේ හුදකලා වූ කළ ඔහුගේ මනස අතීතයට හෝ අනාගත සිහිනයක් කරා දිව යයි.එය නිරායාසයෙන් සිදුවන දෙයකි.හදවතක නැගෙන ගිනිදැල් නිවීමට හැක්කේ ආදරයනටම පමණි.එහෙත් ආදරයට වහලකු නොවිය යුතුය.ආදරයට ආදරය කරන්නකු විය යුතුය...........
Read more...